ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්


මෙරටින් ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් අතරින් 2728 දෙනා අතරින් වැඩිම අසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබේ.

එ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනාගත් ආසාදිතයින් ගණන 558කි.

කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 522 දෙනෙකු ඊයේ හදුනාගත් බවයි.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 476 දෙනෙකු හදුනාගෙන තිබේ.

 



Recommended Articles