ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්


ඊයේ දිනයේ මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇත.

එම සංඛ්‍යාව 256කි. තවත් දිස්ත්‍රික්ක කිහිපයකින් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වි තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 169 දෙනෙකු කළුතරින් 151 දෙනෙකු සහ අම්පාර 130 දෙනෙකු ලෙස වාර්තා වි තිබේ.

මිට අමතරව දිස්ත්‍රික්ක 16ක් ආවරණය වන පරිදි මධ්‍යස්ථාන කිහිපයක කොවිඩ් එන්නත්කරණය සිදු වන බව කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.



Recommended Articles