ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්


ඊයේ දිනයේ දී මෙරටින් ආසාදිතයින් 2,682ක් වාර්තා වු අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 602ක් හඳුනාගත් බවය.

ඒ අනුව ඊයේ (08) දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 434ක් , කළුතර දිස්ත්‍රික්කයෙන් 113ක් ලෙස වාර්තා වී තිබේ.

මේ අතර ඊයේ දිනයේ දීත දිවයිනේ දිස්ත්‍රික්ක 25න් ම ආසාදිතයින් වාර්තා වී ඇති අතර ඉන් කුරුණෑගල ආසාදිතයින් 270ක්, නුවරඑළිය 119ක්, රත්නපුර 119ක් හා මඩකලපුවෙන් 222ක් ලෙස වාර්තා වු බව ද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ වාර්තා වු ආසාදිතයින් අතර 45 දෙනෙක් විදේශ ගතව පැමිණි අයයි.

 



Recommended Articles