ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්


කොවිඩ් 19 ආසාදිතයින් 2961 දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත්තා.

ඉන් වැඩිම පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 852 ක්. පෙරේදා දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූයේ ආසාදිතයින් 413 දෙනෙකු පමණයි. කළුතරින් 320 දෙනෙකු , ගම්පහින් 319 දෙනෙකු, ගාල්ලෙන් 255 දෙනෙකු හදුනා ගැණුනා. නුවර , යාපනය  , කෑගල්ල ,රත්නපුරය යන දිස්ත්‍රික්කවලින් සියයකට වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 329,994ක්.

31,620 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 293,357ක්. සමස්ත මරණ සංඛ්‍යාව 5111 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 



Recommended Articles