ඊයේ වැඩිම ආසාදිතයින් කළුතර දිස්ත්‍රික්කයෙන්


ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,159 දෙනෙකු හඳුනා ගැණුනා.

වැඩිම පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් අතර එම සංඛ්‍යාව 183 ක්.

ගම්පහින් 164 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 512,531 ක්.

රෝහල්ගතව සහ නිවාසවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 46,233 ක් වනවා. 453,689 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

PCR පරීක්ෂණ 7,702 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3,113 ක් ඊයේ දිනයේ සිදුකෙරුණා.

 



Recommended Articles