ඊයේ වාර්තා වූ රෝගීන් 52න් 49ක් කුවේට්වල සිට පැමිණි අයයි


ඊයේ දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 52ක් වන අතර ඉන් 49ක්ම කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පිරිස් වෙයි.

ඉතිරි තිදෙනාගෙන් දෙදෙනෙක් නාවික හමුදා සාමාජිකයන් වන අතර අනෙක් පුද්ගලයා ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.

ඊයේ හඳුනාගත් රෝගීන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී තිබේ.

 



Recommended Articles