ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 19 දෙනෙක් නාවික හමුදා සමාජිකයින්


ඊයේ(23) දිනයේ තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වු අතර ඉන් 19 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සෙසු ආසාදිතයින් දෙදෙනා ඩුබායි සිට පැමිණි අය බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඊයේ හදුනා ගැනුණු ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් නාවික හමුදා සමාජිකයින් වන අතර තවත් දෙදෙනෙකු වදෙස්ගතව සිට පැමිණ මෙරට නිරෝධායනය මධ්‍යස්ථානවල රැදි සිටි පිරිස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

මේ වන විට 660 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

 



Recommended Articles