ඊයේ නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවිම් තවදුරටත්


අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් පහක ප්‍රදේශ කිහිපයක් සඳහා ඊයේ දිනයේ නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් අද රාත්‍රී හත දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නෙළුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රුවන්වැල්ල යන ප්‍රදේශවලට නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස කොටපොළ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, කළවාන, නිවිතිගල සහ රත්නපුර යන ප්‍රදේශවලටද නායයාම් නිවේදන නිකුත් කර ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

 



Recommended Articles