ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 9ක්


 කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 3ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමග ඊයේ දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 9ක් දක්වා වර්ධනය විය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2674ක් දක්වා වර්ධනය වී තිබේ. මින් රෝගීන් 2001ක් සුවය ලබා ඇති අතර මිය ගිය සංඛ්‍යාව 11කි.

ඒ අනුව තවත් රෝගීන් 662 රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඊයේ වාර්තා වූ රෝගීන්ගේ විස්තර

බඹරදෙණියේ පදිංචි කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානය 1යි - කන්දකාඩු ආසාදියෙකුගේ ආශ්‍රිතයෙක්

එක්සත් එමිර් රාජ්‍යයේ සිට පැමිණි 4යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

කටාර් සිට පැමිණ 4යි - නිරෝධායනට ලක්වෙමින් සිටින

 


Recommended Articles