ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ


ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණනක් මෙරටින් වාර්තා වූ අතර එම ගණන 1111ක්. ඒ අතරින් වැඩිම ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. එම ගණන 200කි.

දෙවැනියට වැඩිම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 198 දෙනෙකු වාර්තා වෙයි.

ඒ අනුව බියගම 22ක් ,වත්තල 17ක්,ආඩිඅම්බලම සහ කටාන ප්‍රදේශවලින් 11 බැගින් ආසාදිතයින් වාර්තා වි තිබේ.

ඊයේ දිනයේදි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 119කි වාර්තා වි ඇති අතර ඉන් 36 දෙනෙක් කුලියාපිටියෙන්ද පන්නල සහ බිංගිරිය ප්‍රදේශ වලින් ආසාදිතයින් 12 දෙනාබැගින් වාර්තා වි තිබේ.

 

 

 



Recommended Articles