ඊයේ දිනයේ 320,000 කට කොවිඩ් එන්නත්කරණය


මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 320,283 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබා දි තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ ඊයේ පුද්ගලයින් 200,961 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදි ඇති බවයි.

එහි පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 88,441කි. එසේම ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 1,286 දෙනෙකුට ඊයේ ලබා දි ඇති අතර එහි දෙවන මාත්‍රාව 24,550 දෙනෙකුට ලබා දි තිබේ.



Recommended Articles