ඊයේ දිනයේ 151,000කට කොවිඩ් එන්නත්කරණය


ඊයේ දිනයේදි මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 75,763 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දි තිබේ.

එහි දෙවන මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 786කි.

මිට අමතරව සයිනොෆාම් පළමු මාත්‍රාව ඊයේ දිනයේදි 3,969 දෙනෙකුට ලබා දි ඇති අතර දෙවන මාත්‍රාව 59,428 දෙනෙකුට ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේය.

කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේ 5,834 දෙනෙකුට ලබා දි ඇති අතර මෝඩර්නා දෙවන මාත්‍රාව 6,180 දෙනෙකුට ලබා දි තිබේ.



Recommended Articles