ඊයේ දිනයේ 163,588 දෙනෙකුට එන්නත්කරණය


ඊයේ දිනයේ මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 53,632 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දි තිබේ.

එහි දෙවන මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 559කි.

මිට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදි 5,613 දෙනෙකුට ලබා දි ඇති අතර දෙවන මාත්‍රාව 96,227 දෙනෙකුට ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ දිනයේ 6672 දෙනෙකුට ලබාදි ඇති අතර මෝඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව 885 දෙනෙකුට ලබා දි තිබේ.



Recommended Articles