ඊයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ


මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ (01) දිනයේදී දිස්ත්‍රික්ක 9 ක සියයේ සීමාව ඉක්මවා ගොස් තිබුණි.

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 20 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමඟ මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,510කි.

ඊයේ දිනයේදී වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 398කි.

ගම්පහ 384ක්, කොළඹ 155ක් ලෙස ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 937ක් ලෙස වාර්තා වී තිබේ.

මීට අමතරව මාතලේ 189ක්, ගාල්ල 181ක්, මහනුවර 178ක්, මාතර 143ක්, මොනරාගල 140ක්, හම්බන්තොට 117ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව 1 කෝටි 76,981 දෙනෙකු කොවිඩ් මර්දන එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අතර විසි දෙලක්ෂ 54,887 දෙනෙකු දෙවන මාත්‍රාව ලබාගෙන තිබේ.

 



Recommended Articles