ඊයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ


ගත වූ දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එම දිස්ත්‍රික්කයෙන් ඊයේ (01) නව ආසාදිතයින් 342 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,883 දෙනෙකු හඳුනාගත් අතර විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් 68 දෙනෙකු ද ඊට ඇතුළත්ය.

සෙසු ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක 25න් වාර්තා වී තිබුණි.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 220 දෙනෙකු, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 117 දෙනෙකු සහ  නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 104 දෙනෙකු ලෙස දිස්ත්‍රික්ක 06ක දෛනික ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබේ.

 



Recommended Articles