ඊයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ


ගත වූ දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එම දිස්ත්‍රික්කයෙන් ඊයේ (28) දිනයේ ආසාදිතයින් 337 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ්  -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

කළුතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 268 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 198 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 194 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 138 දෙනෙකු සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 121 දෙනෙකු ලෙස දිස්ත්‍රික්ක 06කින් ඊයේ ආසාදිතයින් සියය ඉක්මවා වාර්තා වී තිබුණි.

 



Recommended Articles