ඊයේ 57,000 ඉක්මවු පිරිසකට කොවිඩ් එන්නත්


එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ පුද්ගලයින් 57,371 දෙනෙකුට එන්නත්කරණය සිදු කර තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 11,349 දෙනෙකුට ලබාදි ඇති අතර දෙවන මාත්‍රාව ලබා දි ඇත්තේ 43,040 දෙනෙකුටයි.

කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 107 දෙනෙකුට ලබාදි ඇති අතර ස්පුට්නික් වි එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 2,875 දෙනෙකුට ලබා දි ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.



Recommended Articles