ඊයේ 13,431 දෙනෙකුට ‌එන්නත්කරණය


මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 13,431 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 6401 දෙනෙකුට ලබාදි ඇති අතර එහි දෙවන මාත්‍රාව 4291 දෙනෙකුට ලබාදි තිබේ.

කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 1056 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 1097 දෙනෙකුට ලබා දි තිබේ.



Recommended Articles