ඊ.ටි.අයි හිටපු අධ්‍යක්ෂකවරුන්ට අධිචෝදනා භාරදෙයි


රුපියල් බිලියන 7ක තැන්පතු මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකුට අද (03) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදී තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.

විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණි.

එම නඩුවේ විත්තිකරුවකු වශයෙන් ඊ.ටී.අයි සමාගම ද නම් කර තිබේ.

නඩුව යළි සැප්තැම්බර් මස 8 වනදා කැඳවීමට දින නියම කෙරිණි.

 



Recommended Articles