ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි


ඉහල කොත්මලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් (12) දින පස්වරුවේ සිට  විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසිය.

එම ජල පෝෂක ප්‍රදේශයට තවදුරටත් තද වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

 



Recommended Articles