ඉහළ කොත්මලේ ජලාශයට පැන සිසුවියක් දිවි හානිකර ගනියි


ඉහල කොත්මලා ජලාශයට පැන පාසල් සිසුවියක් අද (12)  සියදිවි හානිකර ගෙන ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ, රත්නිල්ලකැලේ පදංචිව සිටි නාරයනසාමී මොන්ෂියා (16) නැමැති පාසල් සිසුවියකි.

ඇය තලවකැලේ දෙමළ මහා විදුහලේ 10 වන වසරේ අධ්‍යාපන ලබමින් සිට ඇති අතර දෙපමාපියන් සමඟ  ඇති කරගත් ආරවුලක්  හේතුකරගෙන මෙසේ ජලාශයට පැන ඇති බව පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

තලවකැලේ පොලීසිය හා ප්‍රදේශවාසීන් එකතුව ජලාශයට පැන සියදිවි හානිකර ගත් සිසුවියගේ සිරුර ගොඩ ගන්නා ලදි.

ශාන් හුලංනුගේ



Recommended Articles