ඉහලගිය රන් මිල යලි පහලට


මෙරට රන් මිල පසුගිය සතිවල පැවැති අගයන්ට සාපේක්ෂව විශාල අගයකින් පහළ ගොස් ඇති බව වාර්ථාවෙයි.

ඒ අනුව, අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි ‘කැරට් 22’ රන් පවුමක මිල රු. 356,000 ක් දක්වා පහළ ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. මෙහි උපරිම මිල පසුගිය දිනෙක රු. 379,000 දක්වා ඉහල ගොස් තිබිණි.

එසේම රු. 410,000 ක් තරම් උපරිම අගයක් වාර්ථාවූ  ‘කැරට් 24’ රන් පවුමක මිල, අද වනවිට රු. 385,000 ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles