ඉෂාලිනිගේ මරණ පරික්ෂණ අවසන් - දේහය යළි දෙමවුපියන්ට


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී පිලිස්සී මියගිය ඉෂාලිනී දැරියගේ දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමෙන් පසු ඇගේ දෙමවුපියන්වෙත සිරුර භාර දීම අද සිදු කෙරුණා.

අධිකරණ නියෝගයකට අනුව ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය පසුගියදා යළි ගොඩගැනුණේ දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහායි.

එම පරික්ෂණ සිදුකිරීමෙන් පසු සිරුර ඇගේ දෙමාපියන් වෙත භාර දීම පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී අද සිදු කෙරුණා.

දේහය භාර ගැනීමට දැරියගේ මව සහ සොහොයුරා පැමිණ සිටියා.

 



Recommended Articles