ඉෂාරා සෙව්වන්දිට සැගවෙන්න උදව් කළ තවත් දෙදෙනෙක් අල්ලයි


ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට සැඟව සිටීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මතුගම ප්‍ර දේශයේදී අවුරුදු 45ක් වන සැකකරුවෙක්
හා මිද්දෙනිය ප්‍ර දේශයේදී අවුරුදු 26ක් වන සැකකාරියක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හා සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ප්‍රශ්න කරයි.



Recommended Articles