ඉරාන් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි


පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට අද (18දා) යොමු කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. කෝප් කමිටුවෙන් කළ සොයාගැනීම් නිවැරදි නොකිරීම, චෝදනා එල්ල වූ පුද්ගලයන් පිළිබඳ ක්‍රියාමාර්ගයක් නොගෙන යළි කෝප් කමිටුවට පත් කිරීම වැනි චෝදනා නිසා මෙලෙස තමා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ බව අද කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

 



Recommended Articles