ඉරාන විදෙස් ඇමති එයි


ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා තුන් දින නිල සංචාරයක් සදහා 02/19 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

 ඔහු සමග දූත පිරිස ලෙස එරට උසස් නිලධාරීන් 20 දෙනෙකු ද පැමිණ සිටි අතර ඔවුන් 02/19 දින සිට 02/21 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

ඔවුන් 02/19 දින රාත්‍රී 10.48 ට ඉරාන රජයට අයත් IRAN 05 දරන විශේෂ ගුවන් යානයෙන් , ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිට මෙසේ  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

 ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ආරාධනය මත මෙම ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා පැමිණ තිබේ .

ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.



Recommended Articles