ඉරාන ප්‍රධාන ගුවන් තොටුපොළකට ප්‍රහාරයක්


ඉරානයේ කාර්යබහුලම ගුවන්තොටුපළක් සහ ප්‍රධාන දේශීය මධ්‍යස්ථානයක් වන මෙහ්රාබාද් ගුවන්තොටුපළට ප්‍රහාරයක් ඒල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් ගුවන් යානා ගිනිගෙන ඇති අතර විශාල දුමාර දක්නට ලැබෙන බව ඇසින් දුටු සාක්ෂිකරුවන් සමාජ මාධ්‍යවල බෙදාගත් දර්ශන උපුුුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් ගුවන්තොටුපළේ සමහර කොටස් ඉලක්ක කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ද වාර්තා කරයි.

 ඊශ්‍රායල හමුදාව ඉරානය තුළ "පුළුල් පරිමාණයේ නව ප්‍රහාර රැල්ලක්" දියත් කරන බව පැවසීමෙන් පසුව මෙම ප්‍රහාර එල්ල ව තිබේ. මීට පෙර මාර්තු 4 වන දින ඊශ්‍රායෙලය ගුවන්තොටුපළ ඉලක්ක කළ අතර, එහි ප්‍රහාර මගින් ගුවන්තොටුපළේ හෙලිකොප්ටර් නිෂ්පාදන අංශය ඇතුළුව ඊශ්‍රායල ගුවන් හමුදාවට තර්ජනයක් වූ ආරක්ෂක සහ හඳුනාගැනීමේ පද්ධති විසුරුවා හැර ඇති බව පැවසීය.



Recommended Articles