ඉරාන නාවිකයන් 22ක් රෝහලෙන් නිදහස් කරයි


ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ඉරාන නාවිකයින්  අතුරින් 22 දෙනෙකු ඊයේ (07) රෝහලින් නිදහස් කළ බැව් රෝහල් අධ්‍යක්ෂක එස්.ඩි.යු.එම් රංග මහතා පවසයි.

ඉරාන  හමුදාවට අයත් නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන්  තුවාල ලැබු නාවිකයින් 32 නෙකු  ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත්කොට තිබුණි. ඉන් සුවය ලැබු නාවිකයින් 22 නෙකු රෝහලින් නිදහස් කිරිමට කටයුතු කළ බවත්  නාවිකයින් 10 නෙකු තවදුරටත් රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.

අසාධ්‍ය තත්ත්වයේ පසුවු නාවිකයාද   රෝහලේ වාට්ටුවක් වෙත යොමුකොට ඇති බව  සදහන් කළ රෝහල් අධ්‍යක්ෂකවරයා  මියගිය නාවිකයින් 84 දෙනාගේ මෘත දේහයන් පිළිබද පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්විමෙන් පසු   එම මළ සිරුරු   ශිතාගාර සහිත කන්ටේනර් දෙකක  බහා රෝහල් පරිශ්‍රය තුල  ඇති බවද හෙතෙම පවසයි.

 



Recommended Articles