ඉරාන ජාතිකයින් 86 දෙනෙකු දිවයිනට


ඉරාන ජාතික ගුවන් මගීන් 86 දෙනෙකු රැගෙන ඉරාන ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ටෙහෙරාන් නුවර සිට අද (15)  දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මොවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක උමා ඔය ජල යෝජනා ක්‍රමය යටතේ සේවය කරන ඉරාන ජාතිකයන් පිරිසක් බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

මෙම ගුවන් මගීන් පිරිස අද  දින සවස 5.35 ට ඉරානයේ , ටෙහෙරාන් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ඉරාන ගුවන් සේවයට අයත් අයි.ආර්.- 5374 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස , ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ද ලක් කෙරෙන අතර , එම පරීක්ෂණ සිදු කිරීම සදහා කොළඹ ආසිරි රෝහලේ කාර්යය මණ්ඩලයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිති .



Recommended Articles