ඉම්රාන්ගේ සහෝදරියත් අත්ඩංගුවට


පාකිස්තානයේ සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන තිබේ. පාකිස්තාන හිටපු අග්‍රමාත්‍යවරයාට සහාය දැකැවීම ඳසහා  පැවැත්වීමට නියමිත විරෝධතා වලට පෙර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව 'පාකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්' පක්ෂය  පවසයි.

අලීමා ඛානුම් ඉරිදා පස්වරුවේ නැගෙනහිර නගරයක් වන ලාහෝර් හිදී රඳවා ගත් බවත්, එය "නීතිවිරෝධී රඳවා ගැනීමක්" බවත් PTI 
නිලධාරීහු පැවසූහ. 

ලාහෝර් නගරයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද ඇයව අත්අඩංගුවට ගැනීමේ නියෝගයේ සඳහන් වූයේ, ඇය 
"සමාජ මාධ්‍ය සහ මහජන රැස්වීම් හරහා" ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් බලමුලු ගන්වමින් සිටින බවයි. ඇයව දින 30ක කාලයක්
 රඳවා තබා ගන්නා බවද එහි වැඩිදුරටත් සඳහන් විය.

ඛානුම් තම සහෝදරයා රඳවා තබා ගැනීමට එරෙහිව ප්‍රබල ලෙස හඬ නගන්නියක වන අතර, ඇය නිරන්තරයෙන් ඔහුගේ ආධාරකරුවන්
 සහ මාධ්‍ය අමතමින් අදහස් දක්වයි.

නියෝගයට අනුව, ඇයව ලාහෝර් හි කොට් ලක්පත් (Kot Lakhpat) බන්ධනාගාරය වෙත රැගෙන යනු ඇත.

"ඇය සිටින ස්ථානය වහාම හෙළි කරන ලෙසත්, ඇයව ආරක්ෂිතව නැවත ගෙන්වා ගැනීම සහතික කරන ලෙසත් අපි රජයෙන්
 ඉල්ලා සිටිමු," යනුවෙන් ඛානුම්ගේ පුත් ෂාරෙස් ඛාන් 'X' (ට්විටර්) හි සටහන් කර තිබුණි.

සැප්තැම්බර් 27 වන දින රට පුරා සංවිධානය කර ඇති විරෝධතා සමඟ බොහෝ දෙනා ඇයගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධ
 කර ඇත. එම දිනයේදී විරෝධතාකරුවන් පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් වෙත පාගමනින් යාමට සැලසුම් කර තිබේ.



Recommended Articles