ඉපනැල්ලලේ ගින්න නිවීමට ගිය පුද්ගලයා ගින්නට බිලි


වෙල්යායක ඉපනැල්ල ට තැබූ ගින්දර නිවීමට එහි ගිය පුද්ගලයෙකු ගින්නට හසුවීමෙන් මියගොස් ඇති බව හුංගම පොලීසිය කියයි.

අද පස්වරුවේදී ගින්දර නිවීමට එහි ගිය හැට හත් හැවිරිදි දෙදරු පියකු මෙලෙස ගින්නට හසුවී පිලිස්සීමෙන් මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ලුනම පදිංචි වීරසිංහ පට්ටිය ගම ගේ ප්‍රේමදාස යන වයස් අවුරුදු67ක පමණ අයෙකු වේ

ලුනම  වැව  යටතේ වගා කෙරෙන  කුඹුරුයාය ඉපනැල්ලට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති අතර එම කුඹුරු යායේ ම තවත් කොටසක මුන් ඇට වගාව ආරම්භ කර ඇති හෙයින් මුන් ඇට වගාව ට ගින්න හසු වේ යැයි සිතා තවත් පුද්ගලයෙ කු මියගිය අයගේ නිවසට පැමිණ කිහිප වතාවක් ගින්න නිවන ලෙසට දන්වා ඇත.

ඒ අනුව ගිනිගත් වෙල්යායට ගිය මෙම පුද්ගලයා ගින්න නිවීමට උත්සාහ දැරීමේදී ගින්නට හසුවී පිලිස්සීමෙන්මියගොස් තිබිණි.එ සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය පරීක්ෂණ පවත්වති . 



Recommended Articles