දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතය තුල මීට මාසයකට පමණ ඉහතදී මිය යන්නට ඇති බවට සැක කරන ඇතෙකුගේ සහ අලින් පස් දෙනෙකුගේ මල සිරුරු තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
ඉන් ඇතාගේ සහ අලින් දෙන්නකුගේ මල සිරුරු ඇති ස්ථාන ප්‍රදේශ වාසින් කිහිප දෙනෙකු 22 මාධ්‍යවේදීන් කණ්ඩායමකට පෙන්වූ අතර ඉතිරි තිදෙනාගේ මල සිරුරු ඇති ස්ථාන වලට ගමන් කිරීමේ අවධානමක් ඇති බවත් තොරතුරු ලබාදුන් පිරිස නිසි ලෙස ඉසව්ව සන්නිවේදනය නොකළ බව ඔවුහු පවසති.
මෙම අලි මරණ පිළිබඳව ප්‍රදේශවාසීන් අවස්ථා ගණනාවකදී බලධාරීන්ට දැනුවත් කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.
කෙසේ වෙතත් වන සංරක්ෂණය දෙපාර්තමේන්තුව පාලනය වන රජයේ රක්ෂිතයේ අලි මරණ මළ සිරුරු දැක වන සංරක්ෂණ නිලධාරීන් සීගිරිය වනජීවී කාර්යාලය දැනුවත් කර ඇති බවද දැනගන්නට තිබේ.
ප්‍රදේශප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු ඉතාම රහසිගතවන අලි මරණ ඇති ස්ථාන තුනක් මාධ්‍ය කණ්ඩායමක් වෙත 22 පෙරවරුවේ රැගෙන ගොස් පෙන්වන්නට වූයේ මෙම අපරාධය වැළලී යාමට බොහෝ ඉඩකඩ පවතින නිසාවෙන් යැයි ඔවුහු පවසති.
ඔවුන්ගේ ප්‍රකාශ හෝ ඔවුන් පිළිබඳව කිසිදු ද තොරතුරක් හෙළි නොකරන ලෙසද මාධ්‍යයෙන් ඉල්ලීමක් කිරීම විශේෂත්වයකි. ඒ අනුව දඹුල්ල ඉනාමලුව රජයේ තේක්ක රක්ෂිතයේ කිලෝමීටරයක් පමණ දුරක එක මරණයක් තවත් කිලෝ මීටර්යක් පමණ දුරකින් තවත් වන අලි මල මරසිරුරක් තවත් කිලෝමීටරයක් පමණ එක දිගට එක ඉරියව්වේ ඇතෙකුගේ බවට සැකකරන සිරුරක් සොයා ගැනීමට කණ්ඩායමට හැකි විය .
ඇතාගේ දළ යුගලය රැගෙන ගොස් ඇති ආකාරය මළ සිරුර පරික්ෂා කිරීමේදී දැකගැනීමට හැකි වී තිබේ.
අනෙක් අලි මරණ තුනෙන් ආසන්නයට ළඟාවීමට තොරතුරු දත් අයට අපහසු බව සඳහන් කළේ එම ප්‍රදේශයේ වන සතුන් සඳහා තුවක්කු බැඳ තිබීම වන අලින් නිරන්තරයෙන් ගැවසීම සහ ස්ථානවලට ළඟාවීමට ඇති අපහසුතාවන් සහ අවදානම නිසා බව ඔවුහුණා පෙන්වා දෙති.
කෙසේ වෙතත් වන අලින් හය දෙනෙකුගේ මළ සිරුරු එම ආසන්න වනයේ දුටු බව ඔවුන් පවසති.
සීගිරිය වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක එස් .එස් .මලින්ද මහතාගෙන් විමසීමේදී කියා සිටියේ වන අලි මරණ තුනක් පිළිබඳව තමන්ට තොරතුරක් ලැබී තිබුණු බවය.
ඉන් එක් අලි මළ සිරුරක් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කොට තිබෙන බවත් සඳහන් කළේය. එක් මළ සිරුරක් තම කලාපයෙන් පිට බවත් ඔහු සඳහන් කිරීම විශේෂත්වයකිිි.
කෙසේ වෙතත් මළ සිරුරු හයක් පිළිබඳව තමන්ට වාර්තා වී නොමැති බව හෙතෙම සඳහන් කරන්නට විය . වන අලින් මියගියේ කුමන ආකාරයකටද කුමක් නිසා මියගියේද ඝාතනයක් සිදු කළේද යන්න කිසිවක් පරීක්ෂණ පවත්වා නැති බවත් ඔහු පිළිගැනීම විශේෂත්වයකි
පච්චාත් මරණ පරීක්ෂණයක් තවමත් සිදුවී නැති බවද හෙතෙම අප කළ විමසීමකදී සඳහන් කළේය .