ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සදහා ඉහළ ඉල්ලුමක් පවතින බව ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් කරණු ලැබු අධ්‍යයනයකදි හෙලි වි ඇත
මෙකි අධ්‍යයනය මත පදනම්ව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටුවා ඇති ඉන්ධන පිරවුම්හල්වල විදුලි ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවිමට ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් සැලසුම්කොට ඇත. ඒ අනුව මෙහි නියමු ව්‍යාපෘතියක් ලෙස ඉකුත් වර්ෂයේ (2025) විදුලි ආරෝපණ මධ්‍යස්ථාව 10ක් ඉදිකිරිම සදහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන්කොට ඇත.
මෙම වැඩසටහන යටතේ ගාල්ල හික්කඩුව ,දිවුලපිටිය, ඇතුල්කෝට්ටේ, කඩවත, කළුතර, පැළියගොඩ යන ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විදුලි ආරෝපන මධ්‍යස්ථාන 07 පිහිටුවා ඇති බැව් ඛනිජතෙල් නිතිගත සංස්ථාව පවසයි. මෙකි විදුලි ආරෝපණ මෙහෙයුම් මධ්‍යස්ථාන මගින් මේ වනවිට පාරිභෝගිකයින්ට සේවා පහසුකම් සපයන බවද ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව පෙන්වාදෙයි.

