ඉන්ධනහල් 931ක ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මකයි


ජාතික ඉන්ධන බලපත්‍රය අද දිනයේදී ඉන්ධනහල් 931ක ක්‍රියාත්මක කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එසේම එම ක්‍රමවේදයට මේ දක්වා වාහන මිලියන 4.6ක් ලියාපදිංචි වී ඇති බවද ඔහු සඳහන් කරයි.

අද දිනයේදී ජාතික එන්ධන බලපත්‍රය භාවිත කරමින් ගනුදෙනු 140 605ක් සිදුකල බවත් භාවිත කළ ඉන්ධන ලිටර් ප්‍රමාණය 1 086 282ක් බවද ඔහු පැවැසීය.

 



Recommended Articles