ඉන්ධන සහනාධාරයක් දෙන්න රු. කෝටි 4100ක්


ලෝක වෙළෙ­ඳ­පොළේ ඉන්ධන මිල ඉහළ ගිය ද එහි බර  ජන­තාව පිට නොපැ­ට­වීම සඳහා, රුපි­යල් කෝටි 4,100ක මුද­ලක් ඉදිරි මාස තුනක කාලය වෙනු­වෙන් ඉන්ධන සහ­නා­ධාර වශ­යෙන් වෙන් කිරී­මට රජය තීර­ණය කර ඇතැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ගම්ප­හදී ඊයේ (27) ප්‍රකාශ කළේය. ඒ සඳහා වන යෝජ­නාව කැබි­නට් මණ්ඩ­ල­යට අද (28) ඉදි­රි­පත් කිරී­මට නිය­මත බවද ජනා­ධි­ප­ති­ව­රයා පැව­සු­වේය.

අපේ ආණ්ඩුව වසර දෙකයි- රටට සුබයි තේමා­වෙන් රට පුරා පව­ත්වන ජන රැලි මාලාවේ ගම්පහ දිස්ත්‍රික් ජන­රැ­ලිය අම­ත­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මේ බව කියා සිටි­යේය.



Recommended Articles