ඉන්ධන මිල සංශෝධනය වෙයි


අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන  පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 458කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලරුපියල් 9කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 447කි.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 257කි.

කෙසේ වෙතත් 92 පෙට්‍රල් (ලීටරයක් රුපියල් 371) හා ලංකා ඔටෝ ඩීසල් (ලීටරයක් රුපියල් 363යි) යන ඉන්ධන වල මිල ගණන් වෙනස් වී නොමැත.



Recommended Articles