ඉන්ධන මිල සංශෝධනය වෙයි


සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.

 ඒ අනුව පෙට්‍රල් 92 රුපියල් 9කින් අඩු කර ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 356කි.

ලංකා ප්‍රෙට්‍රල් 95 රුපියල් 3කින් වැඩි කර ඇති අතර එහි නව මිල 423ක් ලෙස ද සටහන් වෙයි.

මේ අතර ලංකා සුදු ඩීසල් මිල රුපියල් 5කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 356ක් වන අතර ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 10කින් වැඩි කර ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 431කි.

භූමිතෙල් මිලද සංශෝදනය කර ඇති අතර එය රුපියල් 7කින් වැඩි කර තිබේ ඒ අනුව එහි නව මිල රුපියල් 249කි.



Recommended Articles