ඉන්ධන මිල වැඩි උනාට බස් ගාස්තු වැඩි වෙන්න බෑ


ඉන්ධන මිල වැඩි වීම හේතුවෙන් බස් ගාස්තු ද වැඩි විය නොහැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඉන්ධන මිල ඉහළ දැමුවේ 6%කින් බවත්, බස්ගාස්තුවෙන් ඉන්ධන පිරිවැය ලෙස ගැනෙන්නේ ඉතා අඩු ප්‍රතිශතයක් බැවින් ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස්ගාස්තු ඉහළ දැමීම අසාධාරණ බවත් ඒ මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (15දා) බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදීය.



Recommended Articles