ඉන්ධන මිල අඩු වැඩි වෙයි


ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (30දා) මධ්‍යම රාත්‍රීයේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

එසේම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්ද,  ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 9 කින් ද අඩු කර තිබේ.

නව මිල සංශෝධනයත් සමගින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 328 ක් දක්වා ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 346 ක් දක්වා ද ඉහළ ගියේය.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365ක් දක්වාද ඩීසල් ලීටරයක නව මිල රුපියල් 308 ක් දක්වාද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 236 දක්වාද අඩුවී තිබේ.

 



Recommended Articles