ඉන්ධන නොදුන් පොම්පකරු අත්අඩංගුවට


පාරිභෝගිකයන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී ඉන්ධන හල වසා යතුරුපැදියේ නැඟ පිටව යාමට සූදානම් වූ පොම්පකරු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
 
තමන් ඉන්ධන  ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඉන්ධන ලබා නොදී පොම්පකරු ඉන්ධන හලේ විදුලිය විසන්ධි කර  යතුරුපැදියේ නැඟ පිටවීමට සූදානම් වන බවට ඉන්ධනහලට යාබදව තිබෙන පොලිසිය වෙත දිව ආ පාරිභෝගිකයෙකු කරන ලද වාචික පැමිණිල්ලක් අනුව වහා ක්‍රියාත්මක වූ රථවාහන අංශයේ නිලධාරීන්  ඉන්ධන හල ඉදිරිපිටට ගොස් සිදු කළ පරීක්ෂාවේ දී  පොම්පකරු අධික ලෙස බීමත්ව යතුරුපැදිය පණගන්වා පිටත්ව යාමට සූදානම්ව වෙමින් සිටි බව පොලිසිය කියයි.
 
ඒ අනුව බීමත්ව යතුරුපැදියක් පැදවීමට  තැත්කළ පොම්පකරු අත්අඩංගුවට ගෙන රැගෙන ආ බව පොලිස් නිළධාරියෙකු පැවසීය
 
දිවා රාත්‍රියේ  විවෘත කර  තිබිය යුතු ඉන්ධන පිරවුම් හලක් වශයෙන්  නම්කර තිබෙන පිලියන්දල සමුපකාර ඉන්ධන පිරවුම්හලේන් නිසියාකාරව පාරිභෝගිකයන්ට සේවය ලබා  ලබානොදීම සම්බන්ධයෙන්  පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිල්ල අනුව සුළු පැමිණිලි අංශය මගින් වෙනම විමර්ශන පවත්වන බව පොලිසිය කියයි   

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර  එළඹෙන විසිපස් වෙනි දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය පොලිස් අධිකාරි  ජනක පුෂ්පකුමාර මහත්වරුන්ගේ උපදෙස් මත පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ෆර්ඩිනැන්ඩෝ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
 


Recommended Articles