ඉන්ධන නැව් එන දින ගැන ඇමති කියයි


මුදල් හා අත්තිකාරම් ගෙවීම් කළ ඩීසල්, පෙට්‍රල් නැව් පැමිණෙන දින වකවානු පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය එක්ව ගෙවීම් කළ අයි.ඕ.සී. සමාගමට අයත් 

ඩීසල් නෞකාවක් එළැඹෙන 15-17 යන දිනයන් අතරත්
පෙට්‍රල් නෞකාවක් එළැඹෙන 22-24 යන දිනයන් අතර
ත් ලංකාවට පැමිණීමට නියමිතය.

එසේම අත්තිකාරම් මුදල ගෙවා ඇති, 

ඩීසල් නෞකාවක් 15 -17 යන දිනයන් අතරත්
‍පෙට්‍රල් නෞකාවක් 17-19 යන දිනයන් අතරත්
ලංකවට පැමිණීමට නියමිතව තිබේ.

මිට අමතරව

ඩීසල් නෞකාවක් 12-15 දා අතරත්

Heavy Fuel Oil  රැගත් නෞකාවක් 14-16දා අතරත්

බොරලේ නෞකාවක් 15-17 අතරත් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව අමාත්‍යවරයා පවසයි.

9 වැනිදා පැමිණීමට නියමිතව තිබූ නෞකාව කාලගුණය අයහපත් වීම නිසා පැමිණීමට නොහැකි වූ බවත් එම නෞකාව මේ වන විට ඉන්දියාවෙන් පිටත්ව ඇති බවට සැපයුම්කරු විසින් දන්වා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසයි.



Recommended Articles