ඉන්ධන කෝටාව වැඩි කරයි


අගහරුවාදා මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඉන්ධන බලපත්‍රය හරහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට තීරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව කුලී සේවා ත්‍රි රෝද රථ වෙනුවෙන් ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 22ක් දක්වාත් සාමාන්‍ය ත්‍රි රෝද රථ වෙනුවෙන් ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 14ක් දක්වාත් වැඩි කර තිබේ.

යතුරු පැදි සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 14ක් දක්වා වැඩිකර ඇති අතර බස් හා ලොරි වෙනුවෙන් ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 75ක් දක්වා වැඩිකර තිබේ.

වෑන් වෙනුවෙන් හෝ කාර් වෙනුවෙන් ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලිටර් 40ක් දක්වා වැඩිකර තිබේ.



Recommended Articles