අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ත්‍රිරෝද කෝටාව ලීටර් 5 සිට 8 දක්වා ද, යතුරුපැදි ලීටර් 4 සිට 7 දක්වා ද, බස් රථ ලීටර් 20 සිට 60 දක්වා ද, මෝටර් රථ ලීටර් 20 සිට 30 දක්වා ද ලොරි ලීටර් 50 සිට 75 දක්වා ද වන පරිදි ඉන්ධන කෝටාව ඉහල දමා ඇත.