ඉන්ධන අර්බුදය ගැන තීරණාත්මක සාකච්ඡාවක්


මේ වන විට මතුව ඇති ඉන්ධන අර්බුදය විසඳා ගැනීම පිළිබඳව වන තීරණාත්මක සාකච්ඡාවක් අද  පස්වරුවේ පැවැත්වීමට  නියමිතව තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්වීමට නියමිතය.

ඉන්ධන අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් වූ ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී තීරණය කිරීමට නියමිතව තිබේ. 

 



Recommended Articles