ඉන්ධන අඩු කළත් බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නෑ


ඉන්ධන මිල අඩු  වුවද බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැසීය.

2%කට අඩු ප්‍රමාණයකින් ඉන්ධන ගාස්තු අඩු වීම මීට හේතුව බව ඔහු සඳහන් කළේය.

“බස් ගාස්තු ගැන මිල සූත්‍රය මත ඩීසල් මිල වෙනස් වෙන්න ඕනී 4%ක ප්‍රතිශතයකින්. ඒ අනුව මේ අවස්ථාවේදී අඩු වෙලා තියෙන්නේ 2%කට වඩා අඩු ප්‍රතිශතයකින්. ඒ නිසා බස් ගාස්තු අඩු කිරීමට මේ වෙලාවේ හැකියාවක් වෙන්නේ නෑ.”



Recommended Articles