ඉන්දුනීසියාවේ සිට තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට


ලොවපුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත රෝගය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , ඉන්දුනීසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 110 ක ගුවන් මගීන් පිරිසක් , අද (21) දින උදෑසන 8.00 ට ජකාර්තා නුවර සිට පැමිණි ගරුඩා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

අද දින උදෑසන 8.00 ට ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ගරුඩා ගුවන් සේවයට අයත්  ජී.ඒ.-9820 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී  ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජහරණය කිරීමට ලක් කළ අතර , ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , මෙම ගුවන් මගීන් අතර කොරෝනා ආසාදිත ගුවන් මගීන් සිටී දැයි විමසිලිමත් වෙමින් සොයා බලන්නට වූහ .

පසුව මෙම ගුවන් මගීන් ශ්‍රී ලංකා යුද  හමුදාව විසින් , විශේෂ බස් රථ යොදා ගෙන නීරෝධායන කටයුතු සදහා , එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කළහ .

 



Recommended Articles