ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි


ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අතර හමුවක් අද (20දා) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙහි දී දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු රැසක් පිළිබඳ  සාකච්ඡා කෙරුණු අතර ,ශ්‍රී ලංකාවේ වත්මන්  ආර්ථික ගැටලු විසඳා ගැනීමට ඉන්දීය රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ද විදේශ අමාත්‍යවරයා පැවසීය.

ඉන්දීය රජයේ සහාය මත මෙරට  ක්‍රියාත්මක ඉහළ බලපෑමක් ඇති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවල  සීමාවන් ඉහළ නැංවීමට අදාළ ද්වීපාර්ශ්වීය ගිවිසුමට  මෙහිදී අත්සන් තැබිණි. 

මෙම ගිවිසුම 2005 වසරේ මැයි මාසයේදී අත්සන් තැබිණි.  එහි තනි පුද්ගල ව්‍යාපෘති සීමාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් වූ අතර  එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක් දක්වා දෙගුණ කිරීම අද අත්සන් තැබූ ගිවිසුම මගින් සිදු කෙරුණි.



Recommended Articles