ඉන්දීය බිත්තරයක් රු 35ක මිලකට හෙට සිට සතොස හරහා


ඉන්දියාවෙන් ආනයන කළ බිත්තරයක් රුපියල් 35 ක මිලකට අනිද්දා (20) සිට ලංකා සතොස සියලුම අළෙවිසැල් හරහා මිලදී ගතහැකි බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා  පැවසීය.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් ආනයනය කළ බිත්තර මේ වන විට තත්ව පරීක්‍ෂාවට යොමුකර ඇති අතර තත්ව පරීක්‍ෂණය සමත් වූ වාහාම බිත්තර සතොසට සහ තොරාගත සුපිරි වෙළෙඳසැල් කීපයකට බෙදාහැරීමට නියමිතය.

ඉන්දියාවෙන් බිත්තර ලක්‍ෂ 150 ක තොගයක් ආනයනය කර තිබේ.

 



Recommended Articles