ඉන්දීය පශු වෛද්‍ය කණ්ඩායම භාතිය ළඟට යන්නත් කලින් ඇතා මැරුණා


පසුගිය වසර වලට වඩා මේ වසරේ අලි මියයෑමේ සංඛ්‍යාවත්, වන අලින්ට මිනිසුන්ගෙන් සිදුවන අපරාධ අඩු කිරීමටත් රජය උපරිම ක්‍රියාකරන බවත්, වන අලින්ගේ මියයෑම සහ වෙඩි තැබීම පිටුපස යම් සංවිධානාත්මක ක්‍රමවේදයක් නිරීක්‍ෂණවන බැවින් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව බව පරිසර හා වනජීවී  නියෝජ්‍ය අමාත්‍යය ඇන්ටන් ජයකොඩි මහතා පැවසීය.

 2023 වසරේ වන අලි 488 ක් සහ 2024 වර්ෂයේදී වන අලි 386 දෙනෙකු මියගොස් ඇති බවත්, මේ වසරේදී වන අලි මිය යෑම 300 දක්වා අඩු කිරීමේ ඉලක්ක සහගත වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරන බවද ජයකොඩි මහතා කීවේය.

පරිසර හා වනජීවී  නියෝජ්ජ අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා මේ අදහස් පලකර සිටියේ පොළොන්නරුව ඇලහැර  කෝදුරුවාව පේක්කුලම ගොවි ව්‍යාපාරයේ ජල ගැටලුව විසදීම වෙනුවෙන් ඉදි කිරීමට නියමිත අමුණ ඉදිකිරීමේ කටයුතු පිලිවදව සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට 25 වෙනිදා එක්වෙමිනි.

මෙම අවස්ථාවට නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි, පත්මසිරි බංඩාර, වනජීවී සහ පරිසර සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයින්  ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
   
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  පරිසර හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා මෙසේද කීය.

සාමාන්‍යයෙන් වර්ෂයකට අලි විශාල ප්‍රමාණයක් මැරෙනවා. 2023 වර්ෂයේ අලි 488 කුත් 2024  වර්ෂයේ අලි 386 කුත් මැරිලා තියෙනවා.ඒ නිසා මේ වසරේ සිට වන අලි මිය යාමේ ගණන 300 දක්වා අඩු කිරීමේ ඉලක්ක සහගත වැඩසටහනක්  රජය ක්‍රියාත්මක කරනවා.

පෙරවාරි වල අලි 07  ක් දුම්රියේ ගැටිලා මිය ගියා ඉතාම කේදජනක විදිහට.. ඒක ප්ලෑන් එකකට කරපු දෙයක් නෙමෙයි. ඒත් එක්කම පරිසර අමාත්‍යාංශයේ අයවැය  විවාදය වෙන වෙලාවෙ අලි 7 ක් 8 කට ලග ලග වෙඩි තැබීම් සිදුවුණා.

එහෙම යන කොට නිශ්චිත අවස්ථාවන් දෙකකදී අලි මැරෙන්න පටන් ගත්තා. ඊට පසුව මෑත කාලයේදී භාතිය ඇතාගේ සිද්ධියත් එක්ක අලින්ගේ කකුල් වලට වෙඩි වැදීම් සිදුවුනා. ඒ වගේම මදු වලටත් අහු උනා. ඒ විදිහට අලි 21 ක් තුවාල ලබලා මේවනවිට ප්‍රතිකාර ලබමින් ඉන්නවා. මේක එකම ආකාරයකින් සිදුවෙලා තියෙන්නෙ අපිට යම් යම් තොරතුරුත් ලැබිලා තියෙනවා.

සාධාරණ සැකයක් මතුවෙලා තියෙනවා මේක සංවිධානාත්මක  සිද්ධියක් කියලා.ඒ අනුව තමයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නෙ.ඒක තුලම විපක්ෂයේ මන්ත්‍රීවරු මාධ්‍ය සාකච්ඡා තියෙලා බොරු ටිකක් සමාජගත කරමින් ඉන්නවා.

එක පැත්තකින් කියනවා අලි 600ක් මැරෙනවා මිනිස්සුත් ඒ ගානම මැරෙනවා කියලා බොරු කියනවා.
ඒ වගේම ඉන්දියාවේ පශු වෛද්‍ය කණ්ඩායමක් අපේ සහයෝගයට ඇවිල්ලා ඉන්නවා. ඒ වෛද්‍ය කණ්ඩායම ඒ ඇතා ඉන්න භූමියට යන්න කලින් මියැදෙනවා. ඒක පදනම් කරගෙන මේ ඉන්දියන් පශු වෛද්‍ය කණ්ඩායම ඇවිල්ලා ඇතාට වස දුන්නා කියලා බොරු කියනවා.

ඒ නිසා එක එක බොරු කියමින් ජනතාව කළඹවන්න දේශපාලන අවශ්‍යතාමත කරන දෙයක් බවට අපිට දැනෙනවා.ඒ නිසා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න උපදෙස් දුන්නේ" යයිද ඇන්ටන් ජයකොඩි මහතා වැඩිදුරටත් කීවේය

මනම්පිටිය නිමල් ජයරත්න

 



Recommended Articles