ඉන්දීය නාවිකයින් 77 දෙනෙකු දිවයිනට


විදේශීය නැවක සේවය කිරීම සදහා ඉන්දීය ජාතික නාවිකයන් 77 දෙනෙකු මුම්බායි නුවර සිට පැමිණෙන ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (21) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මොවුන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6E9091 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින සවස 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්.පරීක්ෂණ සදහා සම්බන්ධ කර ගැනීමට කොළඹ පෞද්ගලික රෝහලක කාර්යය මණ්ඩලයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිති .



Recommended Articles